රනිල් මාවත් විනාශ කළා : නියෝජිත සමුළුවේදී සිරිසේන හඬා වැටෙයි ! 

රනිල් මාවත් විනාශ කළා : නියෝජිත සමුළුවේදී සිරිසේන හඬා වැටෙයි ! 

රට සම්බන්ධ තීරණ ගැනීමේදී තමන් කිසිවිටෙකත් විදෙස් තානාපති කාර්යාල නොතකන බව ජනාධිපති සිරිසේන පවසයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ එසේ නොවන බවත් ඔහු සෑම විටම ජාත්‍යන්තරය සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන බවත් සිරිසේන ජනාධිපති සඳහන් කරයි.
ජනාධිපති සිරිසේන මේ බව සඳහන්කර සිටියේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුව අමතමින්ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ රට මෙන්ම ඔහුගේ පක්ෂය විනාශ කල බවත් යම් තරමකට තමන්වද විනාශ කල බවත්ය.

රනිල් අන්ත දක්ෂිණාංශික දේශපාලනයෙන් හිරිවැටී ඇති බවත් ඒ හේතුව නිසා තමන් කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නොකරන බවත්ය.  

දේශපාලන අස්ථාවරත්වය ඉදිරි දින 7ක් තුළ අනවසන් කරන බවත් පැවසු ජනාධිපති ප්‍රශ්නය හැදුවේ රනිල් වික්‍රමසිංහ බවත් ඒ දේශපාලන කරුමය පිං කම් හරහා විසඳාගමු  යැයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න