සාධාරණ හේතු දැක්වීමකින් තොරව අගමැති වෙනස් කරන්න එක රැයින්  බෑ - ලයනල් ප්‍රනාන්දු

සාධාරණ හේතු දැක්වීමකින් තොරව අගමැති වෙනස් කරන්න එක රැයින්  බෑ - ලයනල් ප්‍රනාන්දු

සිරිසේන ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වැනිදා සිය අත්තනෝමතික දේශපාලන තීන්දුව ගැනීමට හේතුව වූයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන සඳහන් කරමින් බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරිමක් මෙතෙක් සිදුව නැති බවත් එහි අවසාන ප්‍රතිඵලය වර්තමාන දේශපාලන අර්බුදය බවත් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ ඩේලි එෆ්.ටී පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්. ලයනල් ප්‍රනාන්දු මහතා මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ සිවිල් පරිපාලන නිළධාරියෙකු වනවා.  

“ අද රටේ මුළු පද්ධතියම අවුල් වෙලා. ඔබට හොඳ රියදුරන් ඉන්නවා නම් මාර්ගය පැහැදිලි සහ පිරිසිදු වේවි. ඒ වගේ තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරනවා නම් අපිට හොඳ විනයක් රට තුළ පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. රාජපක්ෂ යුගයේ සිදු වූ දූෂණ වංචා  සම්බන්ධ නඩුසියල්ල විභාග වීමට නියමිතව තිබුණේ මේ දෙසැම්බර් මාසයේයි. ඔවුන්ට අවශ්‍ය වුණේ කෙසේ හෝ මේ නඩු විභාග වීම නවතා දමන්න. 

ශ්‍රී ලංකාවේ සිටින මිලියන 1.4ට ආසන්න සිවිල් සේවකයන්  සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් දන්නවා ඔවුන් මොනවාද කළ යුත්තේ කියා. ඔවුන් දේශපාලනඥයන් නොවෙයි. ඉතින් ඔවුන්ට පුළුවන් සුදුසු නොවේ යැයි හැඟෙන විධානයන් නොතකා හරින්න. රාජ්‍ය සේවකයින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර මේ රටේ පැවති නීතිය අනුව කටයුතු කළ යුතු වනවා. “  

මෙසේ පැවසූ ප්‍රනාන්දු මහතා පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපති උපදේශකත්වයෙන් තමා ඉවත් වූ බවත් කිසිදු පූර්‍ව දැනුම්දීමකින් තොරව තමා ද ඇතුළු පස්දෙනෙකුට ඉවත් වීමට ජනාධිපති සිරිසේන දැනුම් දුන් බවත් කියා සිටියා. ඉන් පසු ඔහු සිය කාර්යාලයීය වාහනය සහ දුරකතනය භාර දී කුලී රථයක නැගී නිවසට පැමිණි බව ද සඳහන් කළා. 

මෙහිදි ජනාධිපති සිරිසේන තමාව ඉවත් කිරීම ගැන ඔහු හා කෝපයෙන් පසු වන්නේද යන ප්‍රශ්නයට ප්‍රනාන්දු මහතා කියා සිටියේ කිසිසේත් ම  එවැනි පුද්ගලික තරහක් නොමැති නමුත් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැන් තමන් ඉතාම සතුටට පත් වන බවත් ඒ මහතා කියා සිටියා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න