කැත වැඩ කරපු සෝමේ : කරූට වැඳ සමාව අරගෙන !

කැත වැඩ කරපු සෝමේ : කරූට වැඳ සමාව අරගෙන !

අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුවේ සජිවි ගුවන් විදුලි විකාශය නවතාදැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගුවන් විදුලියේ සභාපති සෝමරත්න දිසානායක  හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඊයේ  (05) කථානායක කරූ ජයසූරිය ඉදිරියේ බැගෑපත්ව සමාව ඉල්ලා තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඔවුන් කතානායකවරයා වෙතින් සමාව ගනිමින් පොරොන්දුවී ඇත්තේ සජීව විකාශය නැවැතී තිබීම හැකි ඉක්මනින් නිවැරදි කරන බවය.

කුමන්ත්‍රණ ආණ්ඩුවට  පාර්ලිමේන්තු බහුතරය අහිමිව පාර්ලිමේන්තුව පැත්ත පළාතක නොගිහින් සිටින පසුබිමේ මොවුන් සජීවී විකාශ අත්හිටුවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සිදුවන සහ එහි ගනුලබන තීන්දු තීරණ සම්බන්ධව ජනතාව දැනුවත්වීම වළක්වාලීමේ නින්දිත අපේක්ෂාව ඇතුවය.

එසේම ගුවන්විදුලි සජීව විකාශය නවතා දමා ඇත්තේ පාර්ලිමේන්තුව විසින්  මුදල් ගෙවා  ගිවිසුමක්ද අත්සන් කර තිබියදීය. එපමණක් නොව ගුවන් විදුලි සංස්ථාවේ සහාපති විකාශන කටයුතු අත්හිටුවීමට පෙර දින  විකාශ කටයුතු සඳහා වන චෙක්පත ද ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.

සැබවින්ම රාජ්‍ය මාධ්‍ය ආයතන වල මෙවන් නින්දිත හැසිරීමක් පසුගිය වසර තුන තුළ කිසිඳු අවස්ථාවක වාර්තා වූයේ නැත. එපමණක් නොව සෝමරත්න දිසානායකලා කියන්නේ තනතුර වෙනුවෙන් කොතරම් පහත් තැනකට වැටෙන්න සූදානමින් සිටින අපතයන්ද යන්න තේරුම් ගැනීමටද මේ ප්‍රමාණවත්ය.

මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතුකිරීම සම්බන්ධයෙන් කථානායකවරයා ඊයේ (05) රජයේ මාධ්‍ය ප්‍රධානීන් කැඳවා උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ද නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වේ.

FB IMG 1544015617467

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න