Language Switcher

V2025

සිරිසේන හාන්සි කරවන : රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න 

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානියකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසා ඇතැයි වාර්තා වෙයි.

ඒ ජනාධිපති සිරිසේනගේ කාර්‍ය මණ්ඩලයේ හිටපු නිලධාරීයකු වන ඕෂල හේරත් සමග සිදුකළ දුරකථන සංවාදයකදීය.

එම සංවාදය තුල මෙතෙක් අනාවරණය නොකළ බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇතුලත් කරුනු සම්බන්ධව ද රජිත් කීර්ති කරුණු දක්වන අතර මෙතරම් වාර්තාවක් තිබියදී  නීතිපති තවත් බම්බු ගසනවා දැයි අසන්නට සිදුවන බවද කියයි.

ඕෂල හේරත් හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල නිලධාරීයා සදහන් කරන්නේ අදාල දුරකථන සංවාදය 2018 ජනවාරි 17 සිදුකළ බවය. මේ දිනය වැදගත් වන්නේ බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පදනම් කරගෙන සිරිසේන ජනාධිපති ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකලේද මෙදින වන නිසාය.

පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.

මේ සම්බන්ධ අප අවධානය යොමුවන කරුනු කිහිපයක් ඇත.

1. ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව වෙත පවා නිකුත් නොකළ කොටස් රජිත් කීර්ති කියවූයේ කෙසේද ?
 
2. එම කොටස් කීර්ති වෙන දුන්නේ සිරිසේන ජනාධිපති  ද නැතිනම් නීතිපති කාර්‍යාලය ද? (මන්ද අප මතකය නිවැරැදි නම් මේ කොටස් රහස් ලියවිලි ලෙස පාර්ලිමේන්තුවට හෝ නිකුත් නොකරන ලෙස උපදෙස් නිකුත් කලේ නීතිපතිවරයා බව ඒ සමයේ සිරිසේන ජනාධිපති  පාර්ශවය පැවසීය)
 
3. ඉහත දුරකථන සංවාදය තුල හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ නමද ඇතුලත් ය. ඒ හරහා මේ රහස්  ලියවිලි වල ඇතුලත් කරුනු රජිත් කීර්ති වෙත දුන්නේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවය බවට පැහැදිලි සැකයක් මතුවේ.
 
4. උදේ දවල් රෑ සිරස මාධ්‍ය ජාලය ඇතුලු මාධ්‍ය කිහිපයකට ගොඩවී රජිත් කීර්තිලා මහ බැංකු මංකොල්ලයක් ගැන නංදෙඩවීමටත් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයා ට පහර දීමටත් කරුණු දී ඇත්තේ සිරිසේන ජනාධිපතිය. එසේනම් සම්මුති ආණ්ඩුවේ සම්මුතිය කඩන්න පලමු පියවර තබා ඇත්තේ ඔහුය.
 
5. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ රහස් යැයි කී ලේඛන රජිත් කීර්ති වෙත දුන්නේ පාර්ලිමේන්තුවට වඩා සිරිසේන ජනාධිපතිට කීර්ති වැදගත් නිසාද? ඒ වැදගත් කම කුමක්ද ? 
 
6.  පාර්ලිමේන්තුව වැනි රටේ උත්තරීතර ආයතනයක් නොතකා හැරීමක් සහ සර්ව ජන ජන්ද බලය බල්ලට දමා මෙහිදී සිරිසේන ජනාධිපති කටයුතු කර තිබෙනවා නේද ? නැත්නම් රහස් ලේඛන කීර්තිට දී රනිල් වික්‍රමසිංහගේ චරිතය ඝාතනය කිරීමේ කූට සැලසුමක් මත මෙම කොටස් පාර්ලිමේන්තුවට නිකුත්කර නැතිබව පෙනී යනවා නේද ?
 
7. රාජ්‍ය රහස් සිය පෞද්ගලික බල අපේක්ෂා වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වෙත ලබාදීමට සිරිසේන ජනාධිපති කටයුතු කිරීම අනුමත කල හැකිද?
 
8. 2020 ජනාධිපති අපේක්ෂකයා වීම සදහා සිරිසේන ජනාධිපති දීර්ඝ කාලයක සැලසුමක් ඇතුව කටයුතු කර ඇති බවත් ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් දියත් කර ඇත්තේ එහි තවත් එක් පියවරක් ලෙස බව මේ හමුවේ තහවුරු වෙනවා නේද ?
 
9. පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර රහස් ලේඛන ලෙස සගවාගෙන සිටි සියල්ල රජිත් කීර්ති පමණක් නොව තවත් බොහෝ පාර්ශව කියවන්න ඇති බව මෙහිදී උපකල්පනය කිරීම වැරදි නැත. එබැවින් සිරිසේන ජනාධිපතිගේ දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් සගවාගෙන සිටින එම ලියවිලි තවදුරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම බරපතල දේශපාලන තක්කඩිකමක් නොවේද ?
 
10. අවසන් වශයෙන් අප මෙසේ අභියෝග කරමු. ජනාධිපති සිරිසේන බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පුලුවන් නම් එලියට දමා ඔය ඉන්නවා කියන මාර හොරු හෙලිදරව් කරන්න. ඒ තරම් ධෛර්යයක් ඔබට තියනවාද?