පොහොට්ටුවේ එරන්ද ගිනිගේ : එක කතාවෙන්ම විසිවේ !

පොහොට්ටුවේ එරන්ද ගිනිගේ : එක කතාවෙන්ම විසිවේ !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වමින් විවිධ රූපවාහිනි වැඩසටහන් ඔස්සේ අදහස් දක්වන ව්‍යවසායකයෙකු වන එරන්ද ගිනිගේට එම පෙරමුණෙන් වාරණයක් එල්ල වි ඇති බව වාර්තා ‍වෙයි.

ඒ ඊයේ (05) විහාර මහා දේවි විවෘත වේදිකාවේ පැවති මහජන විවාදයට එක් වෙමින් එරන්ද ගිනිගේ සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුළ මතුව  දැඩි විරෝධය නිසාය.

එම විවාදයේ දී කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වමින් "මහ මැතිවරණයක්" ඉල්ලා සිටි පාර්ශවය වෙනුවෙන් ගිනිගේ පෙනී සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ  පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු බවත් ඒ කිසිවෙකුට ඊළඟ පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් නොලැබිය යුතු බවත්ය.

එසේම එහිදී  ගිනිගේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ නම ද සඳහන් කිරීම විශේෂත්වයක් විය.

මේ අනුව හිටි හැටියේ අහසින් පාත් වුණ එරන්ද ගිනිගේ වැන්නන් නිසා නාමල් රාජපක්ෂ වැනි තරුණ නායකයන්ගේ ගමන ද අඩාල වන බව නාමල් රාජපක්ෂට සමීප හිතවතුන් පෙන්වා දී ඇති බව සඳහන්.  

විශ්ව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ හවුලේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ගිනිගේ වෙනම න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන  බවත් ඒ අනුව ඔහුගේ මතවාද පොදු ජන පෙරමුණට කිසිසේත් නොගැළපෙන බවත් බැසිල් රාජපක්ෂගේ think tank උපදේශකයන්ගේද අදහසවී තිබේ.

ලෝක ප්‍රකට "LIQUID DEMOCRACY" ජාලයට  සම්බන්ධ මෙම හවුල ආර්ජන්ටිනියානු ජාතික “සන්තියාගෝ සිරි“ විසින් නිර්මාණය කරන ලද්දක්. මෙම ජාලයේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ආජන්ටිනාව වැනි රටවල් සාමාජිකත්වය දරණ මෙම ජාලයේ සාමාජිකත්වය දරමින් එරන්ද ගිනිගේ නම් පුද්ගලයා ජාත්‍යන්තර  විරෝධී ප්‍රකාශ සිදු කිරීම විසුළු සහගත කරුණක් බවද බැසිල් රාජපක්ෂගේ උපදේශකයන් සඳහන් කර තිබේ.

https://www.democracy.earth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න