අද රාත්‍රියේ ජාතික රූපවාහිනිය කුණුවෙයි  :  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීමේ තැතක් ! 

අද රාත්‍රියේ ජාතික රූපවාහිනිය කුණුවෙයි  :  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීමේ තැතක් ! 

හෙට (07) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑමක් සිදුකිරීමේ අරමුණින් ජාතික රූපවාහිනී ආයතනය තුළ අද (06) විශේෂ වැඩසටහනක් සකස් කරමින් තිබෙන බව වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මේ වන විට "අගමැති ලේකම්" නමට අද  රාත්‍රියේ  ඇතුල්වීමේ අවසර පත්‍රයක් නිකුත් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමතිමණ්ඩලයට එම ධූර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ අනුව එම තනතුරු යොදාගෙන කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීමක්ද වෙයි.

මීට පෙර එනම් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ ද මෙවැනිම නාඩගම් දියත්කලා අපට මතකය. ඉන් එක් මතකයක් වන්නේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට රුවෙන් සමාන පුද්ගලයකු යොදවා සිරිසේනට මඩ ගැසීම වෙනුවෙන් සැකසු වැඩසටහන්ය.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එදා මහින්ද රාජපක්ෂට සහය දෙමින් නිදහස් සන්ධානයට එක්වූ බවටද ව්‍යාජ පුවත් ජාතික රූපවාහිනිය බ්‍රේකින් නිව්ස් ලෙස වාර්තා කළේද ජාතික රූපවාහිනියයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න