දෙරණ ජඩ මාධ්‍ය භාවිතය මෙන්න : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීමේ ජනමත විමසුමක් !

දෙරණ ජඩ මාධ්‍ය භාවිතය මෙන්න : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීමේ ජනමත විමසුමක් !

ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී ඊට බලපෑම් කරමින්  'අද දෙරණ' නාලිකාව එකී තීන්දුව සම්බන්ධව ජනමත විමසුමක් පවත්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මහ මැතිවරණයකට අවසර දෙයිද? මැයෙන්  මෙකී ජනමත විමසුම පැය 24 ක කාලයක් පැවැත්වීම සඳහා ඊයේ (07) ආරම්භ කර තිබු අතර ඉතා පැහැදිළිව එය අධිකරණ තීන්දුවට බලපෑම් කරන, අධිකරණය අපහාසයට පත්කරන පමණක් නොව මාධ්‍ය ආචාර ධර්ම අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්ද වෙයි.

විශේෂයෙන්ම රට තුළ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මුලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බලමින් ඇති මොහොතක ඉතාම පක්ෂග්‍රාහී ආකාරයට ජනමත පැවැත්වීම  ජනමාධ්‍යයක් විසින් නොකළ යුතුම බරපතල දඬුවම් ලැබිය යුතු වරදක් බවද සිහිපත් කල යුතුව ඇත.

derana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න