සිරිසේනට චන්ද්‍රිකා භීතිකාවත් වැළඳිලා !

සිරිසේනට චන්ද්‍රිකා භීතිකාවත් වැළඳිලා !

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පසුගිය 4 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට  ආරාධනා කර නොමැත්තේ සිරිසේන ජනාධිපතිගේ උපදෙස් මත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ නිදහස් පක්ෂයේ බලය චන්ද්‍රිකා මහත්මිය සතුවනු ඇති බවට දැඩි භීතිකාවක් සිරිසේන ජනාධිපතිට ඇති බවත් ඒ අනුව මේ උපදෙස් නිකුත්කර ඇති බවත්ය.

කෙසේ වුවත් මේ  සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී.ල.නි.ප. මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට ලිපියක් යවමින් කරුණු විමසා ඇත.

එහිදී හිටපු ජනාධිපතිනී එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ තමන්ට හා කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ මහතාට මෙම සමුළුව සම්බන්ධව දැනුම් නොදෙන ලෙස  ශ්‍රී.ල.නි.ප. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලසන්ත අලගියවන්න විසින් උපදෙස් ලබාදී තිබෙන බවයි.

වැඩිදුරටත් හිටපු ජනාධිපතනිය ප්‍රකාශ කර ඇත්තේ තමන් හා තිලක් වරාගොඩ මහතා හැර අනෙකුත් සියලු දෙනාට සමුළුවේ පෝස්ටර් හා පත්‍රිකා ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම්දී තිබෙන බවත් තම දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ රත්නසේන කැටවලගේ මහතා විසින් පසුගිය සිකුරාදා වෙනත් කරුණක් සඳහා පක්‍ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුට පෝස්ටර් ලබාදීතිබූ බවත්, එහෙත් තමන්ට පක්‍ෂයෙන් කිසිදු ආරාධනයක් සිදුනොකළ බවත්ය.

ck beethiya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න