මන්ත්‍රීවරුන් සල්ලිවලට ගන්න ගියේ මහින්ද : සිරිසේන පවසයි (වීඩියෝ)

මන්ත්‍රීවරුන් සල්ලිවලට ගන්න ගියේ මහින්ද : සිරිසේන පවසයි (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ මහතාට 113 හදා ගැනීමට බැරිවෙච්ච කාරණාව වූයේ මන්ත්‍රී මිල ගණන් ඉහල යාම යැයි ජනාධිපති  සිරිසේන ඩේලිමිරර් වෙත පවසා තිබේ.
රාජපක්ෂ මහතාට 113 හදා ගැනීමට හැකිවූයේ නම් මේ ප්‍රශ්නය මේ තරම් නොඇදෙන බවත් ඔහු කියා සිටී.

තමා පුද්ගලිකව දන්නා දෙයක් නම් සමහර මන්ත්‍රීවරු රුපියල් මිලියන 500 දක්වා සිය මිල ගණන් ඉහල දැමුයේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එසේම කතානායකවරයා මෙම ප්‍රශ්නයේදී කටයුතු කල ආකාරය ගැන තමා සුභවාදීව දකින බවත් ඔහුගේ තිබු දේශපාලන පරිණතහාවය ඊට හේතු වූ බවත් සිරිසේන ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දී සිටියි.

තවද මෙවැනි දේශපාලන අර්බුදයක් මතුවූ විට අධිකරණයට යාමට නොසුදුසු බවද සිරිසේන ජනාධිපති පවසා ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම ප්‍රකාශය හරහා ජනාධිපති සිරිසේන ඉතා සූක්ෂමව මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ චෝදනාව මහින්ද රාජපක්ෂ වෙත යොමුකර ඇති බවයි. එසේම ස්වාධීන රූපවාහිනියට සිදුකල පාඩුව සම්බ්බන්ධව මහින්ද රාජපක්ෂ මේ වන විටත් ජනාධිපති කොමිසම විසින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත. ඒ හමුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ අල්ලස් චෝදනාවක් එල්ල කරවීම හරහා මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් ඉවත්කර එම කඳවුරේ නායකත්වය ගැනීමේ සූදානමක් සිරිසේන ජනාධිපති වෙතින් පෙන්නුම් කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න