විමල් -  ගම්මන්පිල නිවටයන් : අධිකරණ විනිසුරුවන්ට දරුණු මඩක් සූදානම් කරලා !

විමල් -  ගම්මන්පිල නිවටයන් : අධිකරණ විනිසුරුවන්ට දරුණු මඩක් සූදානම් කරලා !

කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉලක්ක කර දරුණු මඩ ප්‍රහාරයක් දියත්කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිලගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති මෙම මඩ මෙහෙයුමේ අපේක්ෂාව අධිකරණ විනිසුරුවන් හරහා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි තීන්දු ලබානොදෙන තැනට පත්කිරීමය.

පසුගිය සමය පුරා කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් දුරකථන ඇමතුම් මෙන්ම විනිසුරුවරුන්ගේ නෑහිතෛශීන් හරහා ඔවුන්ට විවිධ වරදාන සැපයීමේ සිට විවිධ බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.

එසේම පිවිතුරු හෙල උරුමය නායක ලෙස පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මරදාන පාතිමා දේවස්ථානය වෙතගොස් එහි ප්‍රධාන දෙවගැතිවරයා වන ඩිලාන් පෙරේරා හමුවී අගවිනිසුරුවරයාට තමන්ට පක්ෂ කර ගන්නට සහය වන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් ලබාදීමට ආණ්ඩුව සූදානම් බව පවසා ඇති බවද වාර්තා වෙයි.

අගවිනිසුරු නලින් පෙරේරා අයත් වන්නෙ සහ  ඩිලාන් පෙරේරා දෙවගැතිවරයා නියෝජනය කරන්නේ නිමල මරියා නිකාය වන අතර එබැවින් කාදිනල් හරහා ද ඔවුන්ට බලපෑම් කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුවට නොහැකිව ඇත.

දිගින් දිගටම විනිසුරුවන් වරප්‍රසාද වලට හෝ ඩොලර් වලට යටත් නොවී සිටිය යුතු බව, පන්සලට අයත් රටක පල්ලියේ විනිසුරුවන් දෙන තීන්දු ගැන බෞද්ධයන් බලා සිටිය යුතුය වැනි ප්‍රකාශ රාජපක්ෂ ගැති කහකඩයන් යොදවා කියවන්න ගෙන ඇත්තේ ද ඒ අනුවය.

එහෙත්  මේ රාජපක්ෂ නිකායේ කහකඩයන් කියන කතා මිනිසුන් විශ්වාස නොකරන බව ඔවුන්ටම තහවුරුව ඇති අතර සමාජ ජාල වෙබ් අඩවි යොදවා සෘජු මඩ ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇත්තේ ද ඒ අනුවය.

පහත දැක්වෙන්නේ විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය අධිකරණයට බලපෑම් කිරීමට අදාල මඩ ප්‍රහාරය ආරම්භ කර ඇති ආකාරයයි.

Capture

Capture1

Capture2

Capture3

Capture4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න