ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එළියට ආවට : මරා-සිරා  ගෝලයින් වෛර බැඳගෙන - මනුෂ

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එළියට ආවට : මරා-සිරා  ගෝලයින් වෛර බැඳගෙන - මනුෂ

මෛත්‍රීපාල සිරිසේනගේ හා මහින්ද රාජපක්ෂගේ දේශපාලන හීන විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන එක්සත් ජාතික පාක්ෂිකයින් සමග එක්වීම නිසා තමන්ට අභූත චෝදනා එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර  ප්‍රකාශ කළේය.

පොහොට්ටු පක්ෂයේ දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වැලැක්වීමට තමන්ට හැකිවීම නිසා ඔවුන් තමන් සමග දේශපාලන වෛරයකින් කටයුතු කරන බවද ගාල්ලේදී ඔහු සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

අද මහින්ද රාජපක්ෂලාගේ ගෝලයින්ට අපිත් එක් ලොකු වෛරයක් ඇතිවෙලා තියෙනවා. ඒ අයට රටට වෙලා තියෙන හානිය ගැන කිසිම හැගීමක් නෑ. රටට වෙලා තියෙන කාලකණ්නිකම ගැන කිසිම ප්‍රශ්ණයක් නෑ. ජාත්‍යන්තරයෙන් අපේ රට කොන් වෙන එක ගැන ඒ අයට ප්‍රශ්ණයක් නෑ. අද ප්‍රශ්ණය තියෙන්නේ මේ රැල්ල වෙනස් කරපු මනුෂත් එක්කයි.

ඒ නිසා තමයි අද අපිට නොයෙක් අපවාද, චෝදනා එල්ල කරන්නේ. දැන් අපිට මඩ ගහන්න අරගෙන තියෙනවා. තැන් තැන්වල අපිට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තියෙනවා. තැන් තැන්වල අභූත චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ චෝදනා එල්ල කරාට අපි බය නෑ.

අපිට මේ විදියට චෝදනා එල්ල කරන්නේ තමුන්ගේ අගමැති හීනය නැති කළ නිසා. දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙලා ජනාධිපති වෙන්න තිබුණ හීනය නැති කළ නිසා. තමුන්ට විරුද්ධව තිබුණ නඩුවල තීන්දු ලබාගැනීමට අධිකරණයට බලපෑම් කිරීමට තිබූ අවස්ථාව නැති කළ නිසා. මේ අයට ඕන ඕන දේවල් කරගන්න තිබුණ අවස්ථාව නැතිවුන නිසා අපිට මඩ ගහනවා. ඒ ඕන එකකට අපි බය නැහැ.

අපි යුක්තිය ඉදිරියේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටි අය. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය. මේ රටේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට ආවේ මේවාට බයේ නෙමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න