මෛත්‍රී - මහින්ද කුමන්ත්‍රණකාරී හවුල දිගින් දිගටම ගෙන යන ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති ක්‍රියාදාමය සාධාරණීය කිරීම සඳහා අධිකරණයට අපහාස කරමින් රට අරාජික කරන්නේ අධිකරණය බවට ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ප්‍රසන්නගෙන් බලපෑම් :
''රටේ උද්ගත වී තිබෙන අර්බුදයට විසඳුම රඳා පවතින්නේ අධිකරණයේ තීන්දුව මත. නමුත් මහ මැතිවරණයකට යන්නට බැහැ කියලා තීන්දුව දුන්නොත් මේ අර්බුදය කවරදාකවත් විසඳා ගන්නට බැහැ. විසඳෙන්නෙත් නැහැ'' යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසා ඇත.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ බියගම ආසනයට අයත් දෙල්ගොඩ නගරයේ පැවැති එම පෙරමුණේ ජනහමුවකදීය.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීත්‍යනුකූල බවත් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට අධිකරණය තීන්දු කළහොත් මේ අර්බුදය විසඳී යනු ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
''අද රටේ අර්බුදයක් පවතිනවා. ඉතින් හැමදෙනාම හිතන්නේ මොකකින් මොකක් වෙයිද කියලායි. මෙය විසඳා ගැනීමට හැකිවන්නේ මහ මැතිවරණයකට ගියහොත් පමණයි. මේ සම්බන්ධව අධිකරණයේ නඩුවක් පවතිනවා. ඒ නඩු තීන්දුව මහ මැතිවරණයට යන්නට කියලා දුන්නොත් ඒ අර්බුදය විසඳෙනවා. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ බලපෑම් :
රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට එකම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවත් පක්ෂයක සුබසාධනයක් ගැන හිතනවා වෙනුවට මහ මැතිවරණයට ගොස් ප්‍රශ්න නිරවුල් කරගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුබදායී පිළිතුරක් අපේක්‍ෂා කරන බවද ඊයේ (10දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.
විමල් විරවංශ කියන කතාව :
අධිකරණයේ ක්‍රියාව අසාමාන්‍ය බවත්, සිතා මතා රට අරාජික කිරීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවීම පිළිබඳ නඩු තීන්දුව පමා කරන බවත්, නඩු තීන්දුව ඉක්මන් කරන ලෙස අගවිනිසුරුවරයාගේ ඉල්ලන බව කියන්නැයි ජනාධිපතිවරයා ඔහුට පැවසූ බවද විමල් විරවංශ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
නීති විරෝධී අගමැති සහ කැබිනට්ටුවේ ක්‍රියා තහනම් කරමින් අභියාචනාධිකරණය දුන් වාරණ නියෝගය ද ඔහු විවේචනය කෙළේය.
මෙයින් පෙනී යන්නේ සිරිසේන - මහින්ද හවුල දිගින් දිගටම අධිකරණයට බලපෑම් කරමින් සිටින බවය.

