ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරවීමට නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ගොනුකර තිබේ.
ඊට ප්‍රතිවිරුද්ධව ද පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව ඇති අතර එයින් එක් ප්‍රතිවිරුද්ධ පෙත්සම්කාර පාර්ශවයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලය. ඔහු නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නේ ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා ය.
එහිදී ප්‍රතිවිරුද්ධ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා තර්ක කරන්නේ වසර 4 1/2ක් ඉක්මයාමට පෙර පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිට බලයක් ඇති බවය.
කෙසේ වුවත් ජනාධිපති නීතිඥ මනෝහර ආර්.ද සිල්වා විසින් ලියා ඇති “බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන” නැමති ග්‍රන්තයේ මෙම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සඳහන් වන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවක්ය. එනම් පාර්ලිමේන්තුව අවුරුදු 4½ ක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි වන පරිදි සකස් කර ඇති බවය. ඒ බව ඔහුගේ කෘතියේ 6 වන පරිජේදයේ (19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) 90 පිටුවේදී පැහැදිලිවම සිය පාඨකයන්ට ප්‍රකාශ කර තිබේ.
වඩාත් රසවත් සිදුවීමක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වන මෙම පෙත්සම් සම්බන්ධ දින හතරක දේශනවලින් පසු අවසන් දින පැවති දේශනයේදී ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් , මනෝහර ද සිල්වා මහතා විසින් රචිත අදාළ ග්‍රන්තය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ඉදිරිපත් කරමින් මනෝහර ද සිල්වා මහතාද පිළිගෙන ඇති පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු 4½ක් යන තුරු විසිරුවා හැරීමට නොහැකිබව සනාත කර ඇත.
ගම්මන්පිළ මන්ත්‍රී පමණක් නොව මේ උගත් යැයි කියන නීතිඥයන්ගේ අවස්ථාවාදී ගතිය සහ ඔවුන් කිසිඳු ස්ථාවරයක් නොමැති ජනතාව රැවටීම වෙනුවෙන් ගොරකා දඩමස් කරන බව තේරුම් ගැනීමට තවත් සාක්ෂි අනවශ්‍යය. ඔවුන්ගේ දේශපාලනය ඇත්තේ "වියත්මග" වැනි හිට්ලර් පන්නයේ ඒකාධිපති පාලනයක් තුළ වැජඹෙන්නය. වරෙක ජාතිවාදයත් වරෙක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයත් සාධාරණීකරන්නට ඔවුන් කටයුතු කරන්නේද ඒ සඳහා ය.
ජනාධිපති නීතිඥ මනෝහර ආර්.ද සිල්වාගේ එම කෘතියේ අදාළ කොටස් පහත උපුටා දක්වා තිබේ.




