වීරවංශගේ මඩේ සිරිසේනගේ මූනේ : ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් මෝසමක් !

වීරවංශගේ මඩේ සිරිසේනගේ මූනේ : ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් මෝසමක් !

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් දියත්කර ඊට පාර්ලිමේන්තුවේ බහුතරයක් පමණක් නොව අධිකරණය හමුවේද නන්නත්තාරව සිටින කුමන්ත්‍රණ ආණ්ඩුව මේ වන විට රටේ අරාජිකත්වයට අධිකරණය වගකිව යුතු බවට සාවද්‍ය මතයක් නිර්මාණය කරමින් සිටියි.

ඒ වෙනුවෙන් වන තීරණාත්මක පියවරක් ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් කූඨ ලේඛන යොදාගෙන විදෙස් ගමන් බලපත්‍ර සෑදීමට අදාළව අධිකරණය ඉදිරියේ චුදිතයෙකු වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ යොදවා ක්‍රියාවට නැගිණ.

එහිදී ඔහු දරුණු ලෙස අධිකරණයට අපහාස වන අන්දමින් ප්‍රකාශ කෙළේ අධිකරණයේ ක්‍රියාව අසාමාන්‍ය බවත්, සිතා මතා රට අරාජික කිරීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවීම පිළිබඳ නඩු තීන්දුව පමා කරන බවය. නඩු තීන්දුව ඉක්මන් කරන ලෙස නීතිපති හරහා  අගවිනිසුරුවරයාගේ ඉල්ලන බව කියන්නැයි ජනාධිපතිවරයා තමන්ට  පැවසූ බවද වීරවංශ මන්ත්‍රී එහිදී පැවසීය.

සිරිසේනට එරෙහිව තවත් මෝසමක් !

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති ඉල්ලීමට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

අදාළ පෙත්සම් විභාගයෙහි තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති  සිරිසේන විසින්  නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් පළවී ඇති බවත් එවැනි ඉල්ලීමක් තුළින් අදාළ පෙත්සම් විභාගයේ කටයුතුවලට අගතියක් සිදුවන බවත් නීතිඥ අරුණ ලක්සිරි සිය මෝසමෙන් පෙන්වා දෙයි.

මෙම නඩු විභාගය ස්වාධීන ලෙස පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන ලෙසද නීතිඥ  අරුණ ලක්සිරි මහතා සිය මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
ලැජ්ජා නැතිකම විධායක ජනාධිපතිටත් වඩා ලොකුවීම 

සැබවින්ම ඔක්තෝබර් 26 වනදා ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක් දියත්කරමින් රට අරාජික කිරීමට කටයුතු යෙදුවේ සිරිසේන ජනාධිපතිය. ඒ කාටත් හොරෙන්  කුස්සි දොරෙන් මහින්ද රාජපක්ෂ කැඳවා ඔහුව අගමැති කරමින්ය. අවම වශයෙන් එහිදී නිදහස් සන්ධානය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වූ පසුව රනිල් ඒ වන තුරුත් නිල අගමැති වශයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කල රනිල් වික්‍රමසිංහ ට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන ලෙස හෝ ආරාධනයක් සිදුවුයේ නැත. එපමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ එය ජාතිය හමුවේ සුජාත කරගන්නට සිරිසේන ජනාතිපති ජාතිය අමතා කීවේ පාර්ලිමේන්තුවේ බහුතරය අගමැති මහින්දට ඇති බවය.

එහෙත් එවැන්නක් සිදුවුයේ නැත. මන්ත්‍රීවරුන්ට අල්ලස්දී බිලිබා ගන්නට උත්සාහ කළත් එයද අසාර්ථක විය. ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා හැර අතපිහදා ගන්න සිරිසේන ජනාධිපති උත්සාහ කළේ ඒ අනුවය. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරන්න සිදුවුයේ ඒ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුත්තට එරෙහිවය. ඒ අනුව දැන් මේ ප්‍රශ්නය ස්වාධීන අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති අතර එහිදී සිරිසේන ජනාධිපතිගේ හදිස්සියට තීන්දු අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂවම වැරදිය. ඒ අධිකරණ කටයුතු සිදුවන සහ ඊට අදාළ ක්‍රමවේදයක් පවතින නිසාය. සියල්ලටම වඩා මේ බරපතල තීන්දුවක් බවද සිරිසේන ජනාධිපති ඇතුළු ඔහුගේ රොත්ත නොදන්නවා නම් ඒ ඔවුන්ගේ මොලයේ ප්‍රශ්නයක් මිස අනෙකක් නොවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න