රාජ්‍ය මූල්‍ය ගැන තීන්දු ගන්න ජනාධිපතිට බෑ - ජී.එල්.පීරිස්

රාජ්‍ය මූල්‍ය ගැන තීන්දු ගන්න ජනාධිපතිට බෑ - ජී.එල්.පීරිස්

රාජ්‍ය මුල්‍ය සම්බන්ධව කිසිඳු පියවරක් ගැනීමට විධායක ජනාධිපතිට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර රාජ්‍ය මුල්‍ය සම්බන්ධ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ව්‍යවස්ථාවේ 148 හී ඒ බව පැහැදිළිව දක්වා ඇති බවද පවසා ඇත.
 
එසේම ව්‍යවස්ථාව අනුව මුදල් අමාත්‍යවරයෙකු නොමැතිව අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කල නොහැකි බවත් එබැවින් නීත්‍යානුකුල ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවද ඔහු පවසා තිබේ.
 
ඒ අනුව 2019 වසර තුළ රාජ්‍ය ආයතන පද්ධතිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි බවද ඔහු පිළිගෙන තිබේ.
 
ඒ අනුව පෙනී යන්නේ 2019 වසරේ රාජ්‍ය ආයතන අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට හැකි අතර ඒ වෙනුවෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති සිරිසේන උපදෙස් දී ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය සාවධ්‍ය බවය. එසේම එය සිරිසේන ජනාධිපති දියත්කල ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය හමුවේ රට අස්ථාවරවීම සහ ඊට ජනාධිපති සිරිසේනට එල්ලවන ජනතා අප්‍රසාදය වෙනතක යොමුකිරීමක්ද වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න