ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය දියත්කිරීමේ මහමොළකරු ලෙස කටයුතු කර ඇත්තේ සේවා ලංකා පදනමේ සභාපති හර්ෂ කුමාර නවරත්න බව විශ්වාසවන්ත ආරංචිමාර්ග තහවුරුකර සිටියි.
ඔහු යහපාලන ආණ්ඩුව සමඟ බද්ධ වෛරයක් ඇතිකරගෙන තිබෙන්නේ එම ආණ්ඩු සමයේ මහා පරිමාණ ණය මුදලක් ගැනීමට සහය ඉල්ලා එය ප්‍රතික්ෂේපවීම හමුවේය.
අනතුරුව ඔහු නාලක කුමාර නම් ජනාධිපති මත්ද්‍රව්‍ය විවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සහ පොලිසියට ඔත්තු සපයමින් ජීවත්වූ පුද්ගලයා හමුව තිබේ. එතැන් සිට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පවතින බව සඳහන් කරමින් දිගහැරුණු නාටකය පිටුපස සිට මෙහෙයවා ඇත්තේද මේ හර්ෂ කුමාර නවරත්නය.
එස්.බී ගේ ළඟම මිතුරා : තිලංගවත් ගොඩදාලා !
මෙම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගේ ළඟම සහ දිගුකාලීන මිතුරෙකු වන අතර මෙම ආණ්ඩු පෙරළිය සඳහා ජනාධිපතිවරයා එකඟකර ගෙන ඇත්තේද එම සම්බන්ධතාව යොදාගෙනය. එසේම පසුව මෙම ආණ්ඩු පෙරළි කුමන්ත්‍රණය සඳහා තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාද එක්කර ගන්නට මොවුන් කටයුතු කර තිබේ.
නඩු පෙන්වා රාජපක්ෂ පවුලම බය කරලා !
අනතුරුව හර්ෂ කුමාර නවරත්න මෙම ආණ්ඩු පෙරළි කුමන්ත්‍රණ යෝජනාව සමඟ මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසිවීමේ අවාධානම, ශිරන්ති රාජපක්ෂ තාජුඩීන් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත්වීමේ අවධානම, සිරිලිය ගිණුම නිසා මුල්‍ය වංචා චෝදනා හමුවේ අත්විය හැකි ඉරණම ගැන පෙන්වාදී එම පවුලද කුමන්ත්‍රණයට දායක කරගන්නට කටයුතු කර තිබේ. එපමණක් නොව නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇති නඩු වල තත්ත්වය මෙන්ම ඉදිරියේ ඉදිරිපත් වියහැකි චෝදනා සම්බන්ධවද දීර්ඝ ලෙස පැහැදිළි කර ඇත.
එම සාකච්ඡා සඳහා සහභාගීව ඇත්තේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ පමණක් වන අතර එම පාර්ශවය සහ ජනාධිපති සිරිසේන අතර පැවති සාකච්ඡා එකඟතාවකින් අවසන් වන තුරු මේ සියළු කාරනා සම්බන්ධව බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් වසං කරගෙන සිට ඇති බවද වාර්තා වෙයි.
සිනමා පටයක් බඳු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව මුල සිට මේ මොහොත දක්වාම නාමල් කුමාර වෙත පිටපත සපයන්නේද මේ හර්ෂ කුමාර නවරත්න වන අතර ඔහු "සාගර ජලය මදි හැඬුවා" නම් චිත්‍රපටයේ නිෂ්පාදකවරයාද වෙයි.

