මහින්දට ඉල්ලා අස්වෙන්න හිතුනු : ඩලස්ගේ "ජනබල" කතාව !

මහින්දට ඉල්ලා අස්වෙන්න හිතුනු : ඩලස්ගේ "ජනබල" කතාව !

ඊයේ (10) දහවල්  පැවති කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රචාරක කමිටු රැස්වීමේදී තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සිදුකර ඇති කරුණු පැහැදිළිකිරීමක් හමුවේය. 

එහිදී දෙසැම්බර් 13 වනදාට යෙදුණු ජනබල මෙහෙයුම කල්තබා ඇති බව නොදැන සිටි මන්ත්‍රී ඩලස් පවසා ඇත්තේ 13 වනදා පැවැත්වෙන ජනබල මෙහෙයුම ගාළුමුවදොර පිටියට රැස්වනු ඇති බවත් ඊට උපරිම ජන සහභාගීත්වයක් එක්කිරීමට මේ වන විට කටයුතු යොදමින් ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවය. ඒ සමඟ 12 වනදා ප්‍රකාශයට පත්කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රැස්ව සිටින ජනතාව හමුවේ කීමට රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බවත් පසුව එම ජනතාව රැගෙන ජනාධිපති නිල නිවස හෝ ජනාධිපති කාර්යාලය වැටලීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පවසා ඇත. 

ඩලස් මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනාධිපති සිරිසේනට අවාසි වනු ඇති බවට උපකල්පනය කරමින්ය. 

අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී ඩලස් පවසා ඇත්තේ ඒ හමුවේ සිවිල් තත්ත්වයක් මතුවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමුකළ යුතුව ඇති බවත් කුමන සිදුවීමක් සිදුවුවත් එයින් පංගුවක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තම පාර්ශවයේ ගිණුමටද එක්වනු ඇති බවය.

තමන් මේ වන විටත් නිකරුණේ බැනුම් අසන බවත් එබැවින් අධිකරණ තීන්දුව සිරිසේනගේ ගැසට් නිවේදනයට එරෙහිව ලැබුණහොත් ඒ මොහොතේම තමා ඉල්ලා අස්වීම වැදගත් බව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ අවස්ථාවේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසා ඇත්තේ "ඔබතුමා කීයටවත් ඉල්ලා අස්වෙන්න එපා. එහෙම වුනොත් ජනාධිපතිතුමා තනි වෙනවා. එහෙම වෙන්න දෙන්න නරකයි. අපි කොහොම හරි මේක අල්ලාගෙන ඉමු" කියාය. 

ඊට සහය දෙමින් අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා ඇත්තේ ලබාගත් බලය අත්හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් කෙසේ හෝ උපරිම බලය යොදා ආණ්ඩුව අල්ලාගෙන සිටිය යුතු බවය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා කටයුතු කිරීමට ජනාධිපතිට හැකි බව තමන්ගේ අදහස බවද ඔහු පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න