හැමදේටම මුල ශ්‍රේෂ්ඨාධිකරණයයි : සිරිසේන නිදහසට කරුණු කියයි !

හැමදේටම මුල ශ්‍රේෂ්ඨාධිකරණයයි : සිරිසේන නිදහසට කරුණු කියයි !

රටේ පවතින දේශපාලන අර්බුදය කළින් සඳහන් කළ පරිදි සතියක් තුළ විසඳීමට නොහැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රමාද වීම හේතුවෙන් බව ජනාධිපති සිරිසේන පවසා ඇත.
ඒ ඊයේ (11) ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 4 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියා සිටියේ "අද දවසේ තිබෙන දේශපාලන අර්බුදය වැඩි ම වුණොත් ස්ථිර වශයෙන් ම තව දින 7 ක් තුළ අවසන් වන බව මම පැහැදිලිව කියනවා, අද දිනය 4, ඉදිරි සතියක් තුළ මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සම්පුර්ණයෙන් ම අවසන් කරන බව මා ඔබට සහතික වෙනවා." කියාය.  

නමුත් සිරිසේන ජනාධිපති එසේ පවසා ඊයේ (11) දිනට සතියක් ගෙවී අවසානය.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා සිටියේ දේශපාලන අර්බුදය අවසන් කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු බවය.

නඩු තීන්දුව ප්‍රමාද වෙයිද ?

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන දිනය සම්බන්ධව ජනතාව අතර දැඩි අවධානයක් යොමුව තිබෙන අතර නීති ක්ෂේත්‍රයේ අය  සඳහන් කරන්නේ එය බොහෝවිට හෙට (13) හෝ 14 යන දෙදින තුළ අපේක්ෂා කල හැකි බවය. දෙසැම්බර් 14 වනදා අධිකරණයේ වසර අවසාන නිවාඩු ඇරඹෙන බැවින් ඊට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බව ඔවුන්ගේ පුරෝකථනය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න