පවතින වාතාවරණය තුළ මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ජනපති හෝ අගමැති ආරාධනාවක් සිදු කළහොත් ඒ සඳහා තමන් සූදානම් බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (11) යුක්තියට හඬක් සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
රට වහා ස්ථාවර නොවුණොත් දැවැන්ත ආර්ථික අර්බුදයක් පැමිණේන බවත් වසර 09 ක තමන්ට තිබේන අත්දැකීම් අනුව මේ බව පවසන බවද එහිදී ඔහු පවසා ඇත.
එසේම තමන්ට මහ බැංකු අධිපති ධූරය සඳහා පත්කිරීමට ඇති පූර්ව සුදුසුකම් කිහිපයක්ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.
කබ්රාල්ට දෙන්න මහින්ද කැමතියි !
මේ සම්බන්ධව අදහස් දැක්වූ පොදුජන පෙරමුණ ආරංචිමාර්ග ද සඳහන් කර සිටියේ මේ වන විට අභියාචනාධිකරණ අතුරු තහනමක් හමුවේ වාරණයවී ඇති නමුත් මුදල් අමාත්‍යංශය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂට බැවින් මහ බැංකුවේ අධිපති ධූරය ඔහුට කැමති සහ විශ්වාසවන්ත අයෙකු පත්කර ගැනීම අනිවාර්යයක් වන බවය. එබැවින් කබ්රාල් මහතාට එම ධූරය ලබාදීමට දැනටමත් තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවත් මේ පිළිබඳ අප කළ විමසුමකදී ජනාධිපති උපදේශකයකු සඳහන්කර සිටියේ මහ බැංකු අධිපති ධූරයේ කිසිඳු වෙනසක් සිදුකිරීමේ සුදානමක් හෝ අවශ්‍යතාවක් නොමැති බවය. එසේම අජිත් නිවාඩ් කබ්රාල් ටද බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව චෝදනා ඇති බවත් එවැන්නෙක් යළිත් මහ බැංකුවේ අධිපති සඳහා පත්කර අනවශ්‍ය අපවාදයක් ලබන්න තම පාර්ශවයේ කිසිඳු සූදානමක් නැති බවද ඔහු පැවසීය.
එසේම මෙහිදී නාලක ගොඩහේවාට රක්ෂණ සංස්ථා සහාපති ධුරය ලබානොදීම සම්බන්ධව ජනාධිපතිවරයා ගනුලැබූ තීන්දුවද ඔහු සිහිපත් කර සිටියේය.
ගොඩහේවාට වගේම කබ්රාල්ටත් මුල්‍ය අක්‍රමිකතා චෝදනා තියනවා - ජනාධිපති උපදේශක
එහිදී ඔහු පෙන්වා දුන්නේ නාලක ගොඩහේවා මුල්‍ය අක්‍රමිකතා චෝදනා ලබා අධිකරණ ඇප මත සිටින බැවින් එම පත්වීම අවලංගු කිරීමට ජනාධිපති සිරිසේන නියෝග කල බවය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති උපදේශකයා මෙසේද පැවසීය.
ජාතික රක්ෂණ සංස්ථාව සතු සම්පූර්ණ වත්කම රුපියල් බිලියන 190ක් පමණ වනවා. කොටස් හිමියන්ගේ වත්කම් බිලියන 161.5ක් පමණ වෙනවා. ජීවිත රක්ෂණ වත්කම බිලියන 98 ට වැඩියි. ඒ වගේම ලංකා හොස්පිට්ල්ස් හී 54.61%ක්, ලිට්රෝ සමාගමේ 99.94%ක්, ලිට්රෝ ගෑස් ටර්මිනල් හී 100%ක් වගේ කොටස් හිමිකාරීත්වයක් රක්ෂණ සංස්ථාව සතු වෙනවා. කැනොයින් හොටෙල් ස්පා කොටස් 100%ක හිමිකාරීත්වය ඇත්තෙත් රක්ෂණ සංස්ථාවට.
ඒ විතරක් නෙවෙයි, ජාතික රක්ෂණ සංස්ථාව 2017 වසරේ කොමර්ෂල් බැංකුවේ බිලියන 11ක කොටස් අරගෙන තිබෙනවා, ඒ වගේමයි DFCC බැංකුවේ බිලියන 3ක්, සෙලාන් බැංකුවේ බිලියන 2ක්, හැටන් නැෂනල් බැංකුවේ බිලියන 12ක්, කලම්බු ඩොක්යාර්ඩ් මිලියන 300ක් වගේ වටිනා කොටස් අරගෙන තිබෙනවා. මෙහෙම සංවේදී ආයතනයක් මුල්‍ය අපරාධ චෝදනා තියන අයකුට දුන්න ගමන් ලැබෙන ප්‍රතිචාරය ඔබට හිතාගන්න පුළුවන්.
අන්න ඒ නිසා තමයි නාලක ගොඩහේවා රක්ෂණ සංස්ථා සභාපති වෙන එක වළක්වන්න ජනාධිපතිතුමා තීන්දු කළේ. ඒ ඔපරේෂන් එක වගේම තමයි කබ්රාල් මහත්තයාගේ එකත්. ආසාව තිබුණටම තනතුරු දෙන්න විදිහක් නෑ. විශ්වාසය තිබුණා කියලත් තනතුරු දෙන්න විදිහක් නෑ. අපිට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරත් බලන්නම වෙනවා.

