Image

සිරිසේනව කපන්න පොහොට්ටුවේ සූදානමක් ! 

සිරිසේනව කපන්න පොහොට්ටුවේ සූදානමක් ! 

ඊළඟ ජනාධිපතිවරණය සදහා  මහින්ද රාජපක්‍ෂ  මහතාට තරග කල  නොහැකි  නම් ඒ සදහා ගෝඨාභය  රාජපක්‍ෂ නම් කලයුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගෙන ඇත.

එම පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් පැවති රහස් සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති අතර එම තීන්දුව සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අනුමැතිය ලැබී ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ එකගතාවය පලකර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු එය හෙලිදරව් නොකර සිටීමේ එකගතාවය මතය.

කෙසේ  වුවත් පසුගියදා  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ තීන්දුව  බදුරලියේ පැවති  පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් සදහන් කර ඇත.

මේ සම්බන්ධව ජනාධිපති සිරිසේන පාර්ශවය දැඩි නොසන්සුන් තාවයකට පත්ව ඇත.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බවට මහින්ද රාජපක්ෂ මහතා එකඟව තිබියදී දැඩි රාජපක්ෂවාදියකු වන රෝහිත අබේගුණවර්ධන මහතා බදුරලියේදී කල ප්‍රකාශය මෛත්‍රී - මහින්ද සමගියට අවාසිදායක ලෙස බලපානු ඇතිබව ජනාධිපති උපදේශකයින්ගේ මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න