Image

තරුණයන් 11 පැහැරගෙන ඝාතනය කිරීම : නාවික හමුදාවේ තවත් 2ක් අත්අඩංගුවේ ! 

තරුණයන් 11 පැහැරගෙන ඝාතනය කිරීම : නාවික හමුදාවේ තවත් 2ක් අත්අඩංගුවේ ! 

කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදහස් කර සිටින තරුණයන් 11 දෙනා ඝාතනය කර ඇති බවත් ඔවුන් පැහැරගැනීම, කප්පම් ඉල්ලීම, ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරයි.
 
2008 – 2009 කාලසීමාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සුළු නිලධාරීන් වන ඉඹුලාන ලියනගේ උපුල් චමින්ද සහ නායක නැව් සංජීව සේනානායක නැමති සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
පැහැරගැනීම ලක් වූ පුද්ගලයාගේ ඥාතීන්ට දුරකථනයෙන් අමතා පැහැරගත් පුද්ගලයා මුදාහැරීම සඳහා කප්පම් ඉල්ලා සිටීම, එක් පුද්ගලයෙකුගේ බිරිඳ නාරම්මල කඩහපොල ප්‍රදේශයට ගෙන්වා රුපියල් ලක්ෂ 05ක කප්පම් මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීම යන චෝදනා මත සුළු නිලධාරී උපුල් චමින්ද නැමැත්තාත් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීට අමතරව පැහැරගැනීමට ලක්වූ අයගේ ඥාතීන් තඹලගමුවට ගෙන්වා අවි ආයුද පෙන්වා රුපියල් ලක්ෂ 05ක් කොල්ලකෑම සහ පැහැරගෙන ගිය පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනා ඝාතනය කිරීමේ චෝදනාද මෙම සැකකරුට එල්ලවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
නායක නැව් සංජීව සේනානායක නැමැත්තාට එල්ලවී ඇති චෝදනා වන්නේ පැහැරගෙන යාම, අයුතු ලෙස රඳවා තබාගැනීම, පුද්ගල ඝාතනවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණ යන චෝදනායි.
 
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
මෙම සිදුවීමට අදාලවම නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර මේ සම්බන්ධයෙන් මීට පෙර නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකු ඇප ලබා සිටිති.
 
චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත්ට විදේශගතවීම සඳහා සහාය ලබාදුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔහුටද මේ වනවිට ඇප හිමිව තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න