Image

රාජ ද්‍රෝහී තිලංග සුමතිපාල : ලක්බිම සේවකයන් 30ක් වන්දි නැතුව එළියට දමයි !

රාජ ද්‍රෝහී තිලංග සුමතිපාල : ලක්බිම සේවකයන් 30ක් වන්දි නැතුව එළියට දමයි !

රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණයේ ප්‍රමුඛයකු වන තිලංග සුමතිපාල විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි සේවකයන් 30 දෙනෙකු නෙරපා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මෙසේ ඉවත්කිරීමට සැළසුම් කර ඇති සේවක මහත්ම මහත්මීන් අතර ස්ථිර සේවකයින් 13 ක් සහ අනියම්  සේවකයින් 17ක් සිටින බවද දැනගන්නට ඇත.

එසේම මෙම සේවක සේවිකාවන් ඉවත් කිරීමේදී ඔවුන් කිසිවෙකුට වන්දි ගෙවීමද සුමතිපාල පාර්ශවය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ තමන්ට ඒ සඳහා වත්කමක් නොමැති බව සඳහන් කරමින්ය. එහිදී ඉවත් කිරීමේ තර්ජනයට ලක්ව සිටින ස්ථිර  සේවක සේවිකාවන් වෙනුවෙන් සුමතිපාල පාර්ශවයේ යෝජනාව වී ඇත්තේ මාස 6ක වැටුප් ලබාදී සේවයෙන් ඉවත් කිරීමය. තවද සුමතිපාල පාර්ශවයේ දැනුම්දීම අනුව  අනියම් සේවයේ නිරත සේවක සේවිකාවන්ට එක් මසක වැටුප පමණක් ලබාදීමට නියමිත බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන ලක්බිම පුවත්පතේ සේවක සේවිකාවන් සඳහන් කරන්නේ සොච්චම් මුලික වැටුපකට සේවය ලබාගත් තමන්ට මාස 6ක වැටුප් හිමිවීමක් යනු සාමාන්‍යයෙන් එක් අයෙකුට උපරිම ලැබීමට නියමිත වන්නේ  ලක්ෂ දෙකක් හෝ ඊට අඩු මුදලක්  බවත් එය ඉතා අසාධාරණ තීරණයක් බවත්ය.

දැනට වාර්තා වී ඇති ආකාරයට ලක්බිම පුවත්පතේ සේවය කළ ධර්මසිරි තිලකවර්ධන, පත්මිණී මාතරගේ, කමණී හෙට්ටිආරච්චි, ප්‍රභාත් විධානපතිරණ, සිසිර හේමකුමාර, ෆ්‍රෑන්ක් ද සොයිසා, ප්‍රියන්ත ගමගේ, ලක්මාල් වසන්ත, තුෂාර අතපත්තු, මලිත් ගමගේ, රුක්මල් සිල්වා, තිලක් පුෂ්ප කුමාර ඇතුළු පිරිසක් රැකියාව අහිමිවීමේ අවධානමට මුහුණදී සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න