Image

සිරිසේන - මහින්ද තීරණාත්මක හමුවක් : අද රෑට !

සිරිසේන - මහින්ද තීරණාත්මක හමුවක් : අද රෑට !

ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පැවැත්විමට නියමිතව බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ අද රාත්‍රියේ අදාළ සාකච්ඡාව පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ පාර්ලිමේන්තු බහුතරය නොමැතිවීම හේතුවෙන් තවදුරටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තමන්ට නොහැකි බව ජනාධිපති සිරිසේනට දැන්වීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බවය.

කෙසේවුවත් ඉදිරි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් යටතේ සිටීමට සිදුවුවහොත් තම පාර්ශවයට එරෙහිව දියත්ව ඇති නඩු කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමටද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සුදානමින් සිටින බවත් ඊට ජනාධිපති සිරිසේන දක්වන ප්‍රතිචාරය මත ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර සන්ධානයේ ඉදිරි කටයුතු තීරණය වනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටියි.

එසේම ඊයේ (13) එක්සත් ජාතික නිදහස් සන්ධාන මන්ත්‍රී හමුවකදී ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් කැමතිනම් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහයදෙන ලෙසත් ඊට තමන් විරුද්ධ නොවන බව ජනාධිපති සිරිසේන පවසා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව විමසීමට පොහොට්ටු පාර්ශවයේ සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න