Image

සමන් රත්නප්‍රියටත් ජනපති ඝාතන චෝදනා : විශේෂ පරීක්‍ෂණයටත් කැඳවයි  (වීඩියෝ)

සමන් රත්නප්‍රියටත් ජනපති ඝාතන චෝදනා : විශේෂ පරීක්‍ෂණයටත් කැඳවයි  (වීඩියෝ)
පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය පසුගියදා මාධ්‍යයට කළ කරුණ දැක්වීමක් සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (14) කැඳවා ඇත.
ඒ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. 
සමන් රත්නප්‍රිය පසුගිය 06 වැනිදා මාධ්‍ය සාකච්ජාවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සිදු කර ඇති බව, උපුල් නිශාන්ත ගොනු කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.   
එසේම මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියංගොඩ ද ඉහත කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණි බවද වාර්තා වෙයි. මේ සම්බන්ධව අනතුරුව සමන් රත්නප්‍රිය දැක්වූ අදහස් පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න