Language Switcher

V2025

මහින්ද ඉල්ලා අස්වීමට සූදානම් : විපක්ෂ නායක ධූරයට හිතත් හදාගෙන !

අද (14) දින ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමෙන් පසුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමක් නිවේදනය කරමින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ ඊයේ (13) රාත්‍රියේ කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපති අතර තිබූ රහසිගත සාකච්ඡාවේ තීරණය අනුවය. 
 
එහිදී එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අගමැතිධුරය ලබාදීම සඳහා ජනාධිපති සිරිසේන එකඟව ඇත. එසේම මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාවද මේ වන විට දැනුවත් කර ඇති අතර ඔහු ඊට එකඟතාව පළකර ඇති බවත් වාර්තා වෙයි. තවද තමන්ට දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු බවත් ඒ සඳහා සියළු සුදුසුකම් තමන් සම්පුර්ණ කර ඇති බවත් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.
 
ඒ අනුව අද (14) සවස් භාගයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍ය මණ්ඩලය දිව්රුම්දීම එළඹෙන සඳුදා දිනයේ යෙදී ඇත.  
 
මේ අතර අද  ජනාධිපති සිරිසේන සහ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ද ජාතිය අමතා විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.