Language Switcher

V2025

හොර අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් නැකතකට  !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්ව නීති විරෝධී ආකාරයට බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කර අවසානයේ පරාජය පිළිගත් මහින්ද රාජපක්ෂ අද (15) මීට සුළු මොහොතකට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය.

කොළඹ විජේරාම නිවසේ දී ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුනු අතර එය නැකතකට සිදුව ඇති බවත් වාර්තා වෙයි.

එසේම පසුගිය සමයේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාදුන් භික්ෂුන් කිහිපනමක් එහිදී ආගමික වතාවත් කර හොර අගමැති ධූරයෙන් ඉවත්ව යන ඔහුට සෙත් පතා ඇති බවත් වාර්තා වෙයි.