'බැඳුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ'

'බැඳුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ'

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව හරහා එක්සත් ජාතික පක්‍ෂයට හා රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගසා පළාත් පාලන ම්තිවරණයේදී යම් වාසියක් ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් උත්සාහ කරමින් සිටින බව එජාප කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ කරන්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වංචා දුෂණවලින් තොර පිරිසිදු පුද්ගලයෙකු බව සියළු දෙනාම දන්න බවද ඔහු එහිදී සඳහන් කළේය.

 දැන්ම එළියට දාන්න එපා ලු !

මේ අතර ජනාධිපතිවරයාට බාරදුන් බැඳුම්කර වාර්තාව පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් නොකරන්නැයි සිවිල් සංවිධානයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.

ඒ, බැඳුම්කර වාර්තාව ප්‍රකාශයට පත්වුවහොත් එයින් යම් පාර්ශයන්ට අගතියක් වේයැයි පවසමිනි.

2015 වසරේදී ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබිය.

එය බර දෙනු ලැබුවේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වන අතර එම අවස්ථාවට කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා හා සෙසු සාමාජිකයින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන්ද සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න