Image

රනිල් අගමැතිට විදෙස් සුබ පැතුම් !

රනිල් අගමැතිට විදෙස් සුබ පැතුම් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුභ පැතුම් එක් කරමින් ඉන්දියාව සිය අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයට ලබා දුන් විසඳුම සියලු දේශපාලන අධිකාරීන්ගේ පරිණතභාවය පෙන්නුම් කරන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රවිෂ් කුමාර් මහතා සඳහන් කර සිටියේ අර්බුදය විසඳීමේ පරිණත ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආයතනවල ප්‍රබලත්වය මනාව පිළිබිඹු කළ බවයි.

මේ අතර මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් ද සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිය සුභ පැතුම් එක් කර තිබුණා. එහිදි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සිය ප්‍රජාතන්ත්‍රවාදි වට්නාකම් රැක ගනු ඇති බවට තමා තුළ විශ්වාසයක් පැවති බව හා එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳසෛසු රටවලටද මනා පූර්වාදර්ශයක් ලබා ‍දෙන බවයි.

මේ අතර තවත් රටවල් ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවීම සම්බන්ධව සුභපැතුම් එක්කර තිබිණ.

අමෙරිකානු තනාපති - ඇලේනා ටෙප්ලිට්ස්

මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල දේශපාලන වර්ධනය පිළිබඳ අමෙරිකාව සතුටු වෙනවා. ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු පැසිෆික් කලාපයේ අප සතු වටිනා සහායකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා රජය හා පුරවැසියන් අතර බැඳීම් හා සබඳතා තවදුරටත් පවත්වාගෙන යන්න.

යුරෝපා හවුල.

ශ්‍රී ලංකාව පැවති දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූලව ලබා දුන් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම පිළිගන්නා බව යුරෝපා හවුලේ ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිමත් බව අගය කරන අතර සියලු ජාතීන් අතර ජාතික සංහිඳියාව හා සෞභාග්‍යය වෙනුවෙන් වූ කාර්යභාරයට තවදුරටත් අඛණ්ඩ සහාය ලබා දෙන බව යුරෝපා හවුල තවදුරටත් පවසනවා.

ඔස්ට්‍රෙිලියානු මහ කොමසාරිස් කාර්යාලය

දිගුකාලීන මිත්‍රත්වයක් ඇති ඉන්දියානු සාගර කලාපයේ අසල්වැසි රාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් සතුටු වෙමි. ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ස්ථාපිත කිරීමට සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීම වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩව සහය ලබා දෙමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න