Image

ව්‍යවස්ථාව කැඩූ සිරිසේනගේ වෛරය දෝරේ ගලයි : SF ට ඇමතිකම දෙන්නෑ කියයි !

ව්‍යවස්ථාව කැඩූ  සිරිසේනගේ වෛරය දෝරේ ගලයි : SF ට ඇමතිකම දෙන්නෑ කියයි !

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන සරත් ෆොන්සේකාට මෙවර අමාත්‍යධූරයක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී කෝපයෙන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නෑ?

එසේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර , රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවේ.

මේ අතර පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවටද මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එකතුවූ මන්ත‍්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම දක්වා කල් තබා ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න