ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පෙරවරුවේ පැවති එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමට තමන් සහභාගි නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.
මින් ඉදිරියේදී ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන කිසිදු රැස්‌වීමකට සහභාගි නොවී ඒවා වර්ජනය කරන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙත් තවදුරටත් එජනිසයේ රැඳෙමින් විපක්‍ෂයේ අසුන්ගන්නා බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් තමා ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමඟ කිසිදු රැස්‌වීමකට තමා සහභාගි නොවූ බව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(දිවයින)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
