Image

UNF ආණ්ඩුව ස්ථාවරයි : ඔපරේෂන් B -20 ක්‍රියාත්මකයි !

UNF ආණ්ඩුව ස්ථාවරයි : ඔපරේෂන් B -20 ක්‍රියාත්මකයි !

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් එක්කර ගැනීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම විසින් එකතුව මෙම මෙහෙයුම දියත්කර ඇත. එසේම අද (18) පාර්ලිමේන්තුවේදී විජිත් විජිතමුණි සොයිසා , පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක, සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණට එක්ව ඇත්තේද එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.

වාර්තා වන ආකාරයට පසුගිය සතියේ අවසන් දින කිහිපයේ මෙම මෙහෙයුම දියත්කර ඇති අතර ඒ වෙනුවෙන් වන තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත්තේ මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසේය. ඒ සඳහා අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගීව ඇත.

එහිදී ශ්‍රීලනිප කණ්ඩායම සමඟ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධවද එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

මෙම සාකච්ඡා වලදී මූලිකව ශ්‍රීලනිප පාර්ශවය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පදනම වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී මානවවාදී මාවතක් වෙනුවට ඒකාධිපති ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර මාවතකට පැමිණීම සහ ඒ අවාසනාවන්ත ඉරණමින් රටත් පාක්ෂිකයනුත් ආරක්ෂා කරගැනීමය. එසේම යහපාලන ප්‍රතිපත්ති රැකගැනීම සහ දිගින් දිගටම රාජපක්ෂ පවුල වෙත පක්ෂය නතුවීමේ අවධානම සම්බන්ධවද ඔවුන් පෙන්වාදී ඇත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදී සිටින අවධානමත්, දේශපාලන කුමන්ත්‍රණය විසින් රාජපක්ෂ සමයේ සිදුකළ මුල්‍ය අක්‍රමිකතා ඇතුළු මිනිස් ඝාතන සහ අපරාධවලට වගකිව යුතු පාර්ශව නිදහස් කිරීමේ සමාජ අවධානමත් සම්බන්ධවද මෙහිදී දෙපාර්ශවයේම අවධානයට යොමුව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්වීමට කැමැත්ත පළකර ඇත්තේද ඒ අනුවය. එම මන්ත්‍රී කණ්ඩායම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් කිහිපදෙනෙකුම සිටින බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි.

තවද කුමන්ත්‍රණකාරී ලෙස බලය පැහැරගැනීමට උත්සාහ කිරීම සහ පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුලේ පෞද්ගලික භුදලයක් ලෙස අවභාවිතා කිරීම සම්බන්ධව කළකිරී සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්සත් ජාතික පෙරමුණ සමඟ සම්බන්ධවීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න