Image

මහින්දගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ ගෙදර කුස්සියේ - පාඨලී

මහින්දගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ ගෙදර කුස්සියේ - පාඨලී

පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට වත්මන් ආණ්ඩුව පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා,

"මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රටේ පාලනය එසේත් නැතිනම් රිමෝට් කර්ට්‍රෝල් එක දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කර ඇති බවයි. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන නව ආණ්ඩුව සමග ඉදිරි දින වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් විශාල පිරිසක් එක්වීමට නියමිතයි.ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දින වලදී මනාව දැක බලා ගත හැකිය.එසේම පත්වූ නව ආණ්ඩුවට රිමෝට් කන්ට්‍රෝල් එකක් කිසි විටෙකත් නොමැති බවත් පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට මේ ආණ්ඩුව පත්වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බවත්, නව රජයේ එම බලය ඇත්තේ රටේ මහජනතාව අතර බවත් මතක් කරනු කැමැත්තෙමි" යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න