දෙමාසයකට වැඩි කාලයක් අක්‍රීයව පැවති jdslanka.org වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කල බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පවසයි.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රියව පැවති එම වෙබ් අඩවියට සුපුරුදු පරිදි නැවත ජනවාරි 01 වනදා සිට කිසිඳු අවහිරයකින් තොරව පිවිසිය හැකි බව එම සංවිධානයේ රෝහිත භාෂණ කියා සිටියේය.
කෙසේ වෙතත් එහි සිංහල වෙබ් අඩවිය මුදා හැරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

