සාධාරණ සහ අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත්කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.
හෙට (02 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ඊට අත්සන් තබන අතර එම උපමානයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළ නීත්‍යානුකුලභාවය ලබයි.
ඒ අනුව එතැන් පටන් සියලුම මාධ්‍යන් මෙම උපමානයන්ගෙන් බැඳී සිටින අතර ඊට අනුව කටයුතු කිරීමට මාධ්‍යට සිදුවේ.
මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාධාරණ සහ අපක්ෂපාති මැතිවරණයක් පවත්වා මා වෙනුවෙන් මාධ්‍ය උපමාන ගැසට් කරනු ලැබුවේ පසුගිය 4 වනදාය.

