ජනාධිපතිවරයා තමන්ට හිතවත් වෙබ් මාධ්‍යකරුවන් පිරිසක් ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඊට අදාලව පසුගියදා පැවති රැස්වීම සංවිධානය කලේ, මාධ්‍ය අමාත්‍යාංශයේ නිල නොවන ලේකම්වරයා වන ෆර්ඩිනැන්ඩස් සහ ඔහුගේ හෙංචයියන් පිරිසක් විසින් බවත් ජ්‍යෙෂ්ඨ වෙබ් මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා චෝදනා කරයි.
වෙබ් අඩවි සඳහා ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත්කිරිම වෙනුවෙන් කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති එම විශේෂ උත්සවය පිළිබඳව සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.
''ජනාධිපති සිරිසේන වෙබ් අඩවි මාධ්‍යකරුවන් පිරිසක් 29දා හමුවිය. ඒ තමන් විසින් ලංකාවේ මිලියන 2 කට අධික ජනයා කියවන ලංකා ඊ නිව්ස් වෙත පිවිසීම අවහිර කරමින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට දුන් පා පහර සාධාරණය කර තමන්ට හිතවත් හෙංචා වෙබ් මාධ්‍යකරුවන් පිරිසක් ගොඩ නගා ගැනීමට ය.
මෙම හමුව සංවිධානය කරන ලද්දේ මාධ්‍ය අමාත්‍යාංශයේ නිල නොවන ලේකම්වරයා වන ෆර්ඩිනැන්ඩස් සහ ඔහුගේ හෙංචයියන් පිරිසකි.
මෙම හමුවට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක විසින් නියෝග කර සිටියේ පැමිණෙන වෙබ් මාධ්‍ය කරුවන් විසින් ලංකා ඊ නිව්ස් තහනම ගැන හෝ එහි කතුවරයාගේ නම හෝ කතා නොකළ යුතු බවයි. පැමිණි පිරිස ඊට අවනතව කන් පට කඩා දමා හීලෑ ලීලාවෙන් ක්‍රියා කළහ. ''
සබැඳි පුවත් :
'ලංකා ඊ නිව්ස්' තහනම ඉවත් කරන්න - PWJA ජනපතිට නොකියා කියයි !

