ඉදිරි දින කිහිපය තුළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
වාර්තා වන ආකාරයට ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්ව තිබීමත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය අත්හිටවූ මාස 6ක කාලය ජනවාරි 06 වනදායින් අවසන්වීමත් යන කාරණා මෙම තීන්දුව ගැනීමට මුලික හේතු වී තිබේ.
මාධ්‍ය සිදුකළ කරුණු විමසීමකදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද මේ පිළිබඳ අදහස් දක්වා තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ 2017 ජූලි 06 වනදා සිට මාස 6ක් බලපැවැත්වෙන ලෙස අත්හිටුවා තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය පිළිබඳ තීරණය ජනවාරි 06 ට පෙර මුදල් මණ්ඩලය රැස්වී තීන්දු කරනු ඇති බවය.
කෙසේ වුවත් එහිදී මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව ගැන කිසිඳු අදහසක් පළකර නොමැත.

