Image

මහපොළ ශිෂ්‍යත්වයේ පිම්මක් !

මහපොළ ශිෂ්‍යත්වයේ පිම්මක් !

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේ, හිමිකම්ලාභීන් 4000 කට පමණ මේ වසරේ ඒ සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

දෙමාපියන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 05ට අඩු පවුල්වල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මෙම ශිෂ්‍යාධාර මුදල හිමිවනු ඇති.

මේ අතර මේ වසරේ සිට නව ගෙවීම් ක්‍රමවේදයකට යටත්ව මෙම මුදල් සිසුන් සඳහා ලබා දෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, මහපොළ අරමුදල මගින් ඒ ඒ සිසුන්ට හිමි මුදල ඔවුන්ගේ ගිණුමට බැර කෙරෙන බවයි.

සෑම මසකම 15වන දාට එක් සිසුවෙකුට රුපියල් 5000 බැගින් සියලු ගිණුම් වෙත මුදල් බැර කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර මෙම ශිෂ්‍යාධාර මුදල් හිමිවිය යුතු සිසුන් පිළිබඳ මාසිකව විශ්වවිද්‍යාල මගින් තොරතුරු ලබා ගැනීමට නියමිත අතර එම වාර්තා මත පමණක් මහපොළ ශිෂ්‍යත්වය ලබාදීමට නියමිත වේ.

පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේ, නවක වද සිදුවීම් වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවන් වන සිසුන්ට මෙම පහසුකම අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ක්‍රියාකර ඇත්නම් මාසිකව ලැබෙන වාර්තා අනුව එම ගෙවීම් යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි.

මේ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් ඉදිරියේදී නව චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව ඇති අතර එම චක්‍රලේඛන නිකුත් වීමෙන් පසු ගෙවීම් කටයුතු ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විට මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන සිසුන් සංඛ්‍යාව 70000 කට අධිකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න