ආණ්ඩු විරෝධයට උපදෙස් රැගත් : එජනිසේ විශේෂ රැස්වීමක් හෙට !

ආණ්ඩු විරෝධයට උපදෙස් රැගත් : එජනිසේ විශේෂ රැස්වීමක් හෙට !

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දියත්කරන සියළු කටයුතු සඳහා දැඩිව විරෝධය දක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීමේ විශේෂ හමුවක් හෙට (07) ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් බව වාර්තා වෙයි.

මෙම හමුව පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1හි පැවැත්වීමට නියමිතව ඇති බවත් එය පස්වරු 3.00 ට පමණ ආරම්භ වන බවද එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව ජනවාරි 08 ආරම්භ කිරීමට නියමිත අතර ඊට සමගාමීව මෙම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදුකරන බවද දැනගන්නට ඇත.

එසේම මෙම හමුවේදී ආණ්ඩුවේ සංවර්ධන කටයුතු, දේශපාලන තීරණ පමණක් නොව මහින්ද රාජපක්ෂට විපක්ෂනායක ධුරය රැකදීම වෙනුවෙන් උපරිමයෙන් දායක වන ලෙසද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න