කැබිනට් අමාත්‍ය හමුවත් හෙට (07) !

කැබිනට් අමාත්‍ය හමුවත් හෙට (07) !

මෙවර කැබිනට් රැස්වීම හෙට(07) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (07) පෙරවරු 9.00ට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

වාර්තා වන ආකාරයට සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියකම අඟහරුවාදා වුව ද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදින පැවැත්වීමට නියමිත බැවින් මෙවර කැබිනට් රැස්වීම හෙට දිනයේ කැඳවා තිබේ.

මේ අතර රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි කැබිනට් මණ්ඩලය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඊට ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳව තීන්දු තීරණ ගැනීම මෙහිදි සිදුවනු ඇති.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න