හැම තැනම නම ගහන මහින්ද මේනියාවේ ඉතිහාසය මංගල සිහිකරයි !

හැම තැනම නම ගහන මහින්ද මේනියාවේ ඉතිහාසය මංගල සිහිකරයි !

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භවූයේ එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයා වූ විජේපාල මෙන්ඩිස් මහතාගේ සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාතර අද (06) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"අද අපේ ආණ්ඩුව සංවර්ධනය විධිමත්ව ඉදිරියට ගෙනයමින් තිබෙනවා. මේ වෙනකොට කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවා. තිබෙන අධිවේගී මාර්ග තවතවත් පුළුල් කරමින් තිබෙනවා. අදත් මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා පලමු කොටසේ ගමන් ආරම්භ කලා.

අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න ආස උන්නැහේ අදත් පැනලා

මේවා කරනකොට සමහරුන් එනවා ඒවයේ නම දාගන්න. දන්නවනේ එක්කෙනෙක් ඉන්නවා හරිම ආසයි අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න.

1998 දී මමයි ෆවුසි ඇමැතිතුමයි තියපු මුල්ගල ගගට විසිකරලා තමයි රාජපක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ගය කියලා නම ගහලා විවෘත කලේ.

ඒ වගේ තමයි මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයත් ඒ වගේ කරගන්න හදනවා. මට මතකයි අපේ ගෙදර ඉස්සරහා තමයි, ඒ කාලේ විජේපාල මෙන්ඩිස් අමාත්‍යවරයා තමයි මෙය ආරම්භ කලේ. පසුව එහි වැඩ කටයුතු නැවතිලා තිබුනේ. අපි 2015 ජනවාරි නැවත ඒ කටයුතු ආරම්භ කලා."

මාතර පැවති මෙම උත්සවයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අතින් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රදානයන් කිහිපයක්ම සිදුවූ අතර අමාත්‍ය කාර්‍ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}matara-event{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න