මහින්දගෙන් දයාසිරි අහගනි !

මහින්දගෙන් දයාසිරි අහගනි !

පසුගියදා කුරුණෑගල දඹුලු පාරේ සමූපකාර ගොඩනැගිල්ලේ නිදහස් පක්ෂ සම්බන්ධීකාර වරුන්ගේ රැස්වීමක් නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එහිදී රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතාගෙන් අසා ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන ගැනත් පොහොට්ටුවෙන් පැමිණෙන අභියෝග ගැනත්ය.

මාධ්‍යවේදීන් අමතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කොටන කුකුළට කොයි පොරපිටියත් එකයි මහින්ද මහත්තයා කුරුණෑගලින් ඉල්ලුවත් පොහොට්ටුවට බලය එන්නේ නෑ එයාලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවේ, අනික අපි යක්කුන්ට බයනම් සොහොන්වල ගෙවල් හදාගන්නේ නෑ යනුවෙන්ය.

එම අවස්ථාවෙන් පසු ජනවාරි 5 වන දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කුරුණෑගල සංචාරයේ නිරතවෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්වීමකට සහභාගී වී ඇත. එහිදී දයාසිරි මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්ණ ඇසූ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර පැවසූ කාරණාව ගැන ඔබතුමා මොකද කියන්නේ යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත. එහිදී කෝපාවිෂ්ඨ වූ මහින්ද රාජපක්ෂ මහතා ඔව් මන් දැක්කා දයාසිරි එහෙම කියලා තියනවා. යක්කුන්ට බයනම් සොහෙනේ ගෙවල් හදන්නේ නෑ කියලා කිව්වනේ එයා. එහෙනම් දිගටම සොහොනේ යක්කු එක්කම ඉන්න කියන්න. දයාසිරිටත් පොඩ්ඩක් දාගන්න දුන්නාම චූන් වෙනවා. එයා කියන එව්වා දැන් මිනිස්සු ගණන් ගන්නේ නෑ යනුවෙන් පවසා ඇත. තවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දයාසිරිට කතාකොට හොඳටම දෙහි කපා ඇත.

එම සිද්ධියෙන් පසු දයාසිරි වහාම ඉහත කි මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුමක් ලබාගෙන පරුෂ වචනයෙන් බැන ඇත. ඒ මාධ්‍යවේදීන් පවසා ඇත්තේ ඔබතුමා කිව්වදේනේ ඉතින් අපි දැම්මේ යනුවෙනි. කෙසේ වෙතත් මෙයින් පෙනී යන්නේ වැඩ බලන මහ ලේකම් දයාසිරි ජයසේකරට ලේකම්කමත් නැතිවෙන ලකුණුය

උපුටා ගැනීම - ඇතුගල්පුර කතා බහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න