ලසන්තව ඝාතනය කළ සමාජ පසුබිම වෙනස් කළා : කඩිනමින් ඝාතකයන්ටත් දඬුවම් ලැබේවි - මංගල (වීඩියෝ)

ලසන්තව ඝාතනය කළ සමාජ පසුබිම වෙනස් කළා : කඩිනමින් ඝාතකයන්ටත් දඬුවම් ලැබේවි - මංගල (වීඩියෝ)

ලසන්ත වික්‍රමතුංග නම් ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනය කර අදට (08) වසර 10ක් ගතවී ඇති පසුබිමේ මාධ්‍යවේදීන් අකාළයේ ඝාතනය නොවන සමාජ පසුබිමක් බිහිකර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේ පිහිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය තැම්පත් කර ඇති ස්ථානයේ පැවති ගුණසමරුවට සහභාගී වෙමින්ය.

නිදහස් මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් වූ සමාජ පසුබිමක් නිර්මාණය කළත් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් සොයා ගැනීම සම්බන්ධව ප්‍රමාදයක් ඇති බවත් එහෙත් ඒ සම්බන්ධව සිදුවන පොලිස් විමර්ශනවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් ඇති බැවින් වැඩිකල් නොගොස් ඒ පිරිසට දඬුවම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කල හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා වික්‍රමතුංග පවුලේ ඥාතීන් මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගීව සිටියහ.

{gallery}lasantha_mangala{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න