පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු ආකාරය ඇමැති පාඨලී පහදයි !

පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු ආකාරය ඇමැති පාඨලී පහදයි !

සියළුම පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්මට කටයුතු කල යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩු පිහිටුවීමේ කුමන්ත‍්‍රණය පැරදවීම සදහා එක්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති හමුවකදීය.

මෙම හමුව වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණ 09 ම එකට තැබිය යුතුයි. මොකද යුද්ධය නිසයි මෙය කොටස් වශයෙන් තිබ්බේ.

දැනටමත් අවුරුද්දක් පමා වෙලා තිබෙනවා සමහර පළාත් සභා. තවත් මාස කිහිපයක් තිබෙනවා ඉතිරි පළාත් සභා විසුරුවා හරින්න. මේ සියල්ලම එක ඡන්ද ක‍්‍රමයක් යටතේ එකට පැවැත්විය යුතුයි. අපි පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය වෙනස් කළා. කොට්ඨාශ වශයෙන් සහ අනුපාත ක‍්‍රමයත් වශයෙන්.

නමුත් ඒ කොට්ඨාශ කැඞීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විරුද්ධ උනා. ඒ නිසා තමයි මේ ගැටළුව ඇති වී තිබෙන්නේ. ඉතින් ඒ පක්ෂ එකතු වෙලා තීරණය කළ යුතුයි මේ අලූත් ක‍්‍රමයට හෝ කොට්ඨාශ සහ අනුපාත ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයට අනුව ඡන්දෙ තියන්න. එහෙම නැත්නම් පරණ සමානුපාත ක‍්‍රමයට ඡන්ද තියන්න. ඒ දෙකෙන් එකක් කර ඉක්මනින් පළාත් සභා 09 ම මැතිවරණ පැවැත්විය යුතු යැයි ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න