ඩඩ්ලිගේ ගුණ කියන ධම්මික පෙරේරා : මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට ?

ඩඩ්ලිගේ ගුණ කියන ධම්මික පෙරේරා : මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට ?

මෙරටේ කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාලතම සේවය කොට ඇත්තේ ජනාධිපති සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කල අතර තමන් ඉදිරියේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය තම අනාගත අපේක්ෂාව බවද පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා දුනහොත් මාස තුනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මගට ගැනීමට හැකි බවත් මේ වන විටත් තමාගේ මොළයෙන් භාවිතා කරන්නේ 5%ක් පමණක් බවත් පැවසු ඔහු එහිදී තමන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන සඳහන් කලේ "කොටස් වෙළඳපොල" ආයෝජකයකු ලෙසය. එහෙත් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ඔහු සඳහන් නොකළ අතර වැඩසටහන මෙහෙයවූ නිවේදිකාවද ඒ ගැන විමසීමක් කලේ නැත.

එහෙත් මෙරටේ ඇති ප්‍රධානතම කැසීනෝ සමාගම් 2 ක වන ‘බැලේස්’ සහ ‘බෙලාජි’ වර්තමාන අයිතිකරු ධම්මික පෙරේරාගේය.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද ඉන්පසුව එම යුගයේ ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ද ධම්මික පෙරේරා මහතාව පත්කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න