සිරිසේනට අපේක්ෂකත්වය දීම ගැන පොහොට්ටුවේ බෙදීමක් !

සිරිසේනට අපේක්ෂකත්වය දීම ගැන පොහොට්ටුවේ බෙදීමක් !

සිරිසේන ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ සන්ධානයකින් එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලැබීමට සිටියත් එම අවස්ථාව අභියෝගයට ලක්වන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඊට හේතුව ලෙස එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ පාර්ශවයේ බහුතරයක් දැඩිව "සිරිසේන විරෝධී" ස්ථාවරයක සිට කටයුතු කිරීමය.

පසුගියදා පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකදී ද ඒ පිළිබඳ අනාවරණය විය.

එහිදී මාධ්‍ය හමුව ඇමතු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා සිටියේ මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අත් දෙකම ඔසවා ඊට කැමැත්ත පල කරන බවය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතා සමීපව කටයුතු කරන අය නිසා ඔවුන් සමඟින් ගමනක් යාම අපහසු නැතැයිද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී ජනාධිපති සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමක් ගැන කිසිඳු සඳහනක් නොකෙරුණු අතර පසුගිය දිනවල පොදුජන පෙරමුණ පැවැත්වූ සෑම මාධ්‍ය හමුවකදීම පාහේ මීට සමාන අදහස් දැක්වීම් සිදුකරනු දක්නට ලැබිණ.

මහින්ද සිරිසේනට වචනය දීලා ඉවරයි !

කෙසේවුවත් පොදුජන පෙරමුණට සම්බන්ධ තවත් පාර්ශවයක් සඳහන් කරන්නේ සිරිසේන ජනාධිපතිට විරුද්ධව කුමන මත පළකෙරුනත් එළඹෙන ජනාධිපතිවරණය සඳහා සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ පොරොන්දුව සිටින බවය. ඔක්තෝබර් 26 බල පෙරළිය වෙනුවෙන් ජනාධිපති සිරිසේන මැදිහත්වුයේද ඒ අනුව බවත් පෙන්වාදෙන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සිරිසේන පාර්ශවය සමඟ ඇති කරගෙන තිබෙන සන්ධානයට ඇති ජනතා ප්‍රසාදය මැනීමේ අපේක්ෂාවෙන් කඩිනම් පළාත් සභා මැතිවරණයක් කැඳවා ගැනීමටද තම පක්ෂය කටයුතු කරමින් සිටින බවය.

අපේක්ෂකයා සිරිසේන නම්: පොහොට්ටු පළාත් සභා මන්ත්‍රී සහය නෑ !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න