අපේක්ෂකයා සිරිසේන නම්: පොහොට්ටු පළාත් සභා මන්ත්‍රී සහය නෑ !

අපේක්ෂකයා සිරිසේන නම්: පොහොට්ටු පළාත් සභා මන්ත්‍රී සහය නෑ !

එලැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති සිරිසේන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවත් ඔහුට සහය නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර ඇත.

පසුගියදා රැස්ව ඇති එම සංසදය මේ තීන්දුව ගෙන තිබෙන්නේ පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් සිදුකර ඇති යෝජනාවකට අනූවය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සහය දෙන ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේම වියයුතු බවත් එසේ නොවන අපේක්ෂකයකුට පළාත් සභා මන්ත්‍රී සංසදය සහය නොදැක්විය යුතු බවත් දක්වමින් මන්ත්‍රීවරයා යෝජනාව සිදුකර ඇත.

එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති අතර මැතිවරණයක් සදහා ඉදිරිපත් වෙනවා නම් ඒ සදහා පොහොට්ටුව ලකුණ යටතේ පමණක් තරග කිරීමේ
යෝජනාවක් ද එහිදී සම්මත කරගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න