අයවැයට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලැබෙනවා - රාජිත

අයවැයට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලැබෙනවා - රාජිත

2019 අයවැය යෝජනා සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලැබීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

රාජිත සේනාරත්න පදනම විසින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“යහපාලන රජය බලයට පත්වීමෙන් පසු නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. මම සිංගප්පූරුවේ සිංහ හෙල්ත් ව්‍යාපෘතිය සමග සාකච්ඡා කර මෙරට සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සිට කළමණාකරණ සේවා නිලධාරීන් දක්වා එම පුහුණුව ලබාදෙනවා. දියුණු රටක සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරන ආකාරය පිළිබදව එහිදී සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යයනය කරන්න පුළුවන්. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමට සුදානම් වන විට අපේ රජය ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර ඊනියා රජයක් බිහි කළා. නමුත් යළි රජය ස්ථාපිත කර ඇති බැවින් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් නියාමනය කිරිමට අපි කටයුතු කරනවා. ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරිම සදහා පැණිබිම සදහා බදු පනවා තිබුනා. එම පැණිබීම බද්ධ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා විසින් අඩු කර තිබෙනවා. ඔවුන් තමයි දේශප්‍රේමීන් වන්නේ. දරුවන් පාවා දෙමින් සාක්කුවට මුදල් දමාගන්න හදනවා. නමුත් අඩු කළ බදු මුදල යළි වැඩි කිරීමට අපි පියවර ගන්නවා. මේ පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග මම සාකච්ඡා කර කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. වැරදි ආහාර රටාවෙන් දරුවන් බේරාගත යුතුයි. රුපියල් සත වලින් නොව මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. බහුජාතික සමාගම්වල අයිතිය වෙනුවෙන් නොව ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න