පොහොට්ටු ප්‍රතිපත්තිවලට යටත්ව සන්ධාන එපා : ශ්‍රීලනිප සංවිධායකයන් දැඩි ස්ථාවරයක !

පොහොට්ටු ප්‍රතිපත්තිවලට යටත්ව සන්ධාන එපා : ශ්‍රීලනිප සංවිධායකයන් දැඩි ස්ථාවරයක !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ පාර්ශවය නියෝජනය කරන සංවිධායකවරුන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 09 දෙනෙකු ඇතුළු පිරිසක් අද (15) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණ.

එහිදී අදහස් දැක්වූ දකුණු පළාත් සභා අමාත්‍ය අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ජී. ආරියතිලක සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරියට ගෙන යා යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති බවත්, එසේ නොමැති වුවහොත් පක්ෂයට අනාගතයක් නොමැති වන බවත්ය.

එසේ නොමැතිව ජාතිවාදී අදහස් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියහොත් එමගින් රටට යහපතක් සිදු නොවන බවද ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කරුණු 05 කින් යුත් ප්‍රතිපත්ති මාලාවක්ද පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කණ්ඩායම විසින් භාර දුන් බවද සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න