IMF සාකච්ඡා සාර්ථකයි !

IMF සාකච්ඡා සාර්ථකයි !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැග්‍රේඩ් අතර හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරේදි පවත්වා ඇති අතර ඒ සාකච්ඡා ඉතා සාර්ථක වූ බවත් වාර්තා වෙයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය මංගල සමරවිර ද සඳහන්කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය සමග පැවති සාකච්ජාව ඵලදායිතාවයෙන් යුක්තවු බවයි.

Captureman

එහිදි යළිත් වරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ආරම්භ කිරිම හා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉහළ පෙලේ නිළධාරින් කණ්ඩායමක් ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බවයි මෙහිදි මංගල සමරවිර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම සාකච්ජාව සදහා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගීව තිබේ.

එසේම මේ සම්බන්ධව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාද සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වේ.

{gallery}imf-mangala{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න