සියළු ව්‍යාපාර ව්‍යාපාර 98.6%කින් කඩා වැටිලා : දිවි පුදන්න සුදානමින් ඩඩ්ලි දේශපාලනයට !

සියළු ව්‍යාපාර ව්‍යාපාර 98.6%කින් කඩා වැටිලා : දිවි පුදන්න සුදානමින් ඩඩ්ලි දේශපාලනයට !

අද වන විට මෙරට සියළු ව්‍යාපාර 98.6%කින් කඩා වැටී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ පොළොන්නරුවේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගී වෙමින්ය.

තවත් මාස 06ක් ඇතුලත මෙරට සියළු ව්‍යාපාර කඩා වැටී බංකොලොත් වන බවත් ඉතිරි වන්නේ බල පුළුවන්කාරයන් පිරිසක් පමණක් බවත් සඳහන් කරන ඔහු ඉතා ඉක්මනින් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිලිවෙලක් ආරම්භ නොකරන්නේ නම් ඉතා බිහිසුනු තත්වයක් රට තුළ තුල ඇති විය හැකි බවත් පවසයි.

රට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරමින් මිය යන්නට හෝ තමන් දේශපාලනය මින් ඉදිරියට සිදු කරන බවද එහිදී ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න